මම මොහාන් මහත්තයගෙ පොතත් අරගෙන අවිල්ලා මම ඉඳපු මේසෙන් වාඩි වුනා.සුමාලි අක්කත් යන්න ගිහින්.තරුශි මගේ ආරාධනාව පිලිගනීවිද?
පොත අතට ගත්තට හිතේ ප්‍රශ්න ගොඩයි.කොහොම හරි විනාඩි 5කට විතර පස්සෙ කවුරු හරි මගේ ඉස්සරහින් අවිල්ල වාඩිවෙනව මට ඇහුන නිසා මම පොතෙන් මූන පොඩ්ඩක් මෑත් කරල බැලුවා.හුටා බැලින්නම් කව්ද සීයා කෙනෙක්.මැදැයි මම කෙල්ල වාඩි වෙනකං හිටියා.
කෝකටත් කියලා මම සැටලයිට් එක පොඩ්ඩක් එහාට මෙහාට දාල බැලුවා එයා පේන්නවත් නෑ.මෙයා ගෙදර වත් ගියාද?
කමක් නෑ ආයේ දවසක ඒවිනේ.අනික මුල්ම දවසෙ මොන කෙල්ලද කිව්ව පලියට කොල්ලෙක් ගාවට යන්නෙ.එහෙම හිතල මම ආයෙමත් වැඩට බැස්සා.දැන් මම බරටම ගානක් හදනවා.දෙතුන් දෙනෙක් අවිල්ල මං ඉඳපු මේසේ වාඩිවෙලා නැගිටල ගියත් මට ඒ ගැන බලන්න වුනේ නෑ.මම හිටියෙ ලොකු ගානකට යටවෙලා.
කොහොම හරි ගාන හදල ඉවරවෙලා ඔලුව ඉස්සුවහම මගේ ඉස්සරහ හිටියෙ කව්ද අක්ක කෙනෙක් එයා ගෙදර ගිහිල්ලම තමයි.මම ආයෙත් තව ගානක් බලනවත් එක්කම "අයියේ!" කියල මගේ දකුනු පැත්තෙන් කව්දෝ මට කතා කලා.ඒ හඬ හඳුන ගන්න මට තත්පරයක් වත් ගියේ නෑ.මම ඒ පැත්තට හැරුනා."ඔයා ලොකු වැඩක හිටපු නිසා මම කතා කරේ නෑ.මට මෙන්න මේ කොටස තේරෙන්නෙ නෑ පොඩ්ඩක් කියල දෙනවද?"
එයා කියාගෙන ගියා.යකෝ මේ කෙල්ල කොයි වෙලේද මෙතන්ට ආවෙ.මම ඉස්සරහ බැලුවට පැත්තෙ හිටියෙ කව්ද කියල බැලුවෙ නෑනෙ.
"තරු ගොඩක් වෙලාද ඇවිල්ලා"
"ඔව්.ඔයා ලොකු වැඩක් හිටපු නිසා මම කතා කරේ නෑ"
"අයියෝ ලමයො කතා කරන්න එපැයි.මම හිතුවෙ ඔයා ගෙදර යන්න ඇති කියලා"මම කිව්වම එයා හිනා වුනා.ඒ හිනාව කොච්චර ලස්සනද?
මම එයාට ඒ කොටස කියල දුන්නා.ඊට පස්සෙ හැමදාම වගේ අපි පුස්තකාලෙදි හම්බ උනා.එයා මටත් එක්ක බත් එකකුත් ගේනවා.දවල්ට දෙන්නත් එක්ක ඒක කනවා.ඔහොම කාලය ගෙවිලා ගියා.
මට එයාට ආදරෙයි කියන්න බය හිතුනා.මොකද එයා මට සලකන්නෙ එයාගෙම සහෝදරයෙකුට වගේනේ.කොහොම හරි ඒ බය නැතිවුනේ මෙන්න මෙහෙමයි.
රෑ නිදිමරල වැඩිවෙලා මම ලෙඩවුනා.කොහොම හරි දවස් දෙකක් විතර ඇදෙන් නැගිටින්න බැරි උනා.තුන්වෙනි දවසෙදි ටිකක් හොද උනත් මම ගොඩක් අමාරුවෙන් හිටියෙ.එදා උදේ 11ට විතර
අම්ම කාමරේට අවිල්ල "අන්න ගුරා බලන්න ගෝලයා අවිල්ල" කිව්ව.මම බැලුව කව්ද බොල මගේ ගෝලය කියලා."කව්ද අම්මේ ?"කියලා මම ඇදෙන් බහින්න හදනකොටම කාමරේ දොර රෙද්ද මෑත් කරං ඒ මගේ සුරංගනාවිගෙ රූපෙ මතුවුනා.
මට හිතා ගන්නවත් බෑ.එයාගෙ ඇස් මගේ ඇස්වල නතර වුනා.එයා වචනෙන් කියන්න බැරිතරම් මට ආදරෙයි කියලා ඒ ඇස් වල ලියවිලා තිබුනා.
"එහෙනම් ඔන්න ගෝලයා ගුරාට කතා කරන්නකෝ.අපි යමු නිමලා කුස්සියට"කියලා අම්මා තව කාටද කතා කරගෙනි ගියා.
"පොඩ්ඩක් ඉන්න අනේ මාත් දරුවව බලලම එන්නම් කෝ"කියල එයත් මගේ කාමරේට ආවා.
"පුතේ දැන් කොහොමද ?"කියලා ඒ ආන්ටි මගේ ලඟට ඇවිත් මගේ ඔලුව අතගාන ගමන් ඇහුවා.
"දැන් ටිකක් හොදයි ආන්ටි"මම කිව්වා.
"දැන් කොල්ල සෑහෙන උස ගිහිල්ලනේ"ඒ ආන්ටි අපේ අම්ම දිහා බලන් කිව්ව.
"ඔය ඉන්නෙ පුතා පොඩිකාලෙ හුරතල් කරපු නැන්ද කෙනෙක් තමයි"අම්ම කිව්වා.
මටනම් මේ මෙලෝක දෙයක් තේරෙන්නෙ නෑ.කොහොම හරි ඒ දෙන්න කුස්සියට ගියා.
තරු මගේ ලඟින් වාඩි වුනා.එයා අඬන්න වගේ.ඇස් වලින් කදුලු බේරෙනවා.මම ඒ කදුලු පිහිදුවා.එතකොටම කෙල්ල මගේ අත තදින් අල්ලගෙන මූනට තියලා තද කර ගත්තා.දැන් නම් වැඩේ ගොඩම තමයි.මගේ ආදරේ කියන්න හොදම වෙලාව තමයි මේ.
මම අනිත් අතින් එයාගේ ඔලුව අතගාන ගමන් "දැන් මගේ මුලු ජීවිතේම ඔයා.මම ආදරෙයි පැටියෝ" කියල කිව්ව.ඒක කිව්ව විතරයි කෙල්ල මගේ අත තවත් හයියෙන් අල්ල ගත්තා.ටික වෙලාවකින්
"ඕක අහගන්න මම කොච්චර පෙරුම් පිරුවද අයියේ"කියල කීවම මගේ හිත කීරි ගැහිලා ගියා.ඒ කියන්න මම ආදරේ කරා වගේ ම එයත් මට ආදරේ කරල තියනවා.මම නං ගිය ආත්මෙ හොඳ පිනක් කරල ඇති කියලා මට හිතුනා.
ඔන්න ඔහොමයි මගේ මුල්ම ආදර කතාව පටන් ගත්තෙ.
කියන්න බැරි වුනානෙ තරුලගෙ අම්මයි අපේ අම්මයි ඉස්කෝලෙ කාලෙ ගජ යාලුවො.එදා මම නැති දවස් දෙකේ තරු ලෝකෙ පීරගෙන මාව හොයලා.අන්තිමට සුමාලි අකගෙ මාර්ගෙන් තමයි අපේ ගෙදර නම්බර් එක හොයාගෙන කෝල් කරල තියෙන්නෙ.එපා සුමාලි අක්ක මම ගැන කියනකොට තමයි තරුලගෙ අම්මට මාව මීටර් වෙලා තියෙන්නෙ.ඔන්න ඔහොමයි කෙල්ල කොල්ලව බලන්න ආවෙ.ඇත්තටම ඒක හීනයක් වගේ.මගේ ආදරේ මම මුලු හිතින්ම ආදරේ කල ඇය අන්තිමේදි මට හම්බ උනා.
------------------------------------------------------------------------------------------------------------කතාව නම් ඉවරයි.තවත් කතාවකින් අපි හම්බ වෙමු.මේ කතාව බලල දිගටම මට සහයෝගය දක්වපු රොබින් අයියාට මම විශේෂ ස්තුතිය පුදකරනවා.ඒ වගේම කතාව රස විඳපු ඔයාලත් ස්තුතියි.