Friday, June 1, 2012

සුන්දර ඇස් වලට පෙම් කලෙමි

ඒ පොසොන් මාසයයි.අපේ ගමට සැනකෙලි එන මාසයයි.ඒ කාලෙට අපේ කොල්ලො සෙට් එකටම වෙන වැඩක් නම් නැති තරම්ය.කස්ටියම ගමේ පිට්ටනියට වී කාලෙ කා දමති.
සැනකෙලි ගමට ආවම ඉතින් ඒකත් එක්ක සර්කස් එකක් මාරක ලිදේ බයිසිකල් එතකොට කතුරු ඔන්චිල්ලාව කියන දේවල් අනිවාර්යයෙන්ම තිබෙයි.කොහොමත් අපේ ගමට සැනකෙලිය එන්නෙ අවුරුද්දකට එක වතාවක් නිසා ඒක ජයටම කරයි.කොහොමත් සතියක් හමාරක් සැනකෙලි පවත්වයි.මුල් සතියේ සෙනඟ විශාල වශයෙන් ආවත් පෝයට පසුව  ජනකාය අඩුවෙයි.




මේ සිදුවීම සිද්ද වුනේ හරියටම 2009 අවුරුද්දේය.එතකොට අපි A/l කරන පොඩි කොලු ගැටව්ය.විබාගෙ මහ ලොකුවට bio science වලින් කරාට අපේ සෙට් එකේම හිටියේ තනි අපතයන් ටිකකි.කොහොමත් සැනකෙලිය ගමට ආපු දවසෙ ඉදලම වෙන වැඩක් නැති එවුන් වගේ අපිත් පිට්ටනියට ගිහිල්ල සැනකෙලිය කරන එවුන් එක්ක සැට් වෙනවා.ඊට පස්සෙ සැනකෙලිය පටන් ගත්තම කොයි ඉවෙන්ට් එකටත් අපට free වීසා තමයි.
ඔන්න දැන් තමයි අටුවාටිකා සේරොම ඉවර කරලා කතාවට බහින්නෙ.මේක සිද්ද වුනේ සැනකෙලියෙ 4වෙනි දවසෙදි.කවුරුත් දන්නවනෙ සැනකෙලිය තියන්න රෑට කියලා.ඉතින් එදාත් වෙනද වගේම හවස 6 වෙනකොට අපි කස්ටියම පිටනියට සැට් වුනා.ඒ වෙනකොට අපිට සැනකෙලියෙ අමුතුවෙන් බලන්න කියල දෙයක් තිබුනෙ නෑ.ඒත් ගෙදර ඉන්න බැරි කමට මාත් ගියා.කොහොමත් රෑ 8 විතර වෙනකං කස්ටිය පිට්ටනිය වටේ වල ගගහ හිටියා.ඔය අතරෙ සුරායි අමිතයයි ලයින් කරපු නම්බර් එකක් වැඩ කරලා ඒ පැත්තට හීමීට කැපුනා.උන් දෙන්නට යන්න කියලා අපි 3දෙනා කතුරු ඔන්චිල්ලාව පැත්තට ගියා.ඔය අස්සෙ මාත් එක්ක හිටපු කස්සයි කලුවයි "මචන් අපි පොඩ්ඩක් අර පැත්ත්ට ගිහින් එන්නම් කියලා මාරු උනා." මන් දනව උන් දෙන්න යන්නෙ බටයක් අදින්න තමයි කියලා.මන් ඕකුන්ට බනින නිසා උන් මට කොලේ වහල ගියා.දැන් මන් තනියම කතුරු ඔන්චිල්ලාව ලඟ.
එතනත් මාර පෝලිමක් තමයි ඉන්නෙ.ඔන්න දැන් සෙට් එකක් ෆ්ලයිට් එකන් බහින්න වගේ බහිනවා.තව කස්ටියක් නගිනවා.ඔය අතරෙ ගොඩක් ඉන්නෙ කපල්ස් තමයි.
තනිකඩ අපට මොන කෙල්ලොද..මාත් කතුරු ඔන්චිල්ලාවට සෙනඟ නග්ගන තැන එවුන්ට පොඩි සපෝට් එකක් දුන්නා.
ඔන්න දැන් කස්ටිය පෝලිමේ නගිනවා ඔන්චිල්ලාවට.මන් තමයි ටිකට් චෙක් කරන්නෙ.ඒකාලෙ මං කෙල්ලො සම්බන්දව ටිකක් අමුතු ඩයල් එකක්.මට කෙල්ලො ටිකක් විතර ඇලජික් එකක් තිබුනා.කෙල්ලොන්ට පැනිය දාන එක පැනි ටෝක් දෙන එක මට නයාට අදුකොල වලටත් එහා.හැබැයි ඕනම කෙල්ලෙක් එක්ක මනුස්ස කමට හිනාවෙන එකනම් මං කරා.ඒක හින්දා තමයි අපේ ඉස්කෝලෙ කෙල්ලො දැන් හම්බ උනත් කියන්නේ "උඹ විතරයි බන් කොච්චර වාචලකම් කියෙව්වත් වල් විදියට අපි දිහා බැලුවෙ නැත්තෙ."
කොහොම හරි මං දැන් ටිකට් ටික චෙක් කර කර ඔක්කොම ලෝඩ් කරා.හෆ්ෆා කතුරු ඔන්චිල්ලාවෙ ගිහිපු කස්ටියනම් දැන්නවා ඇති ඒක බැලන්ස් කරන්න ඒ මිනිස්සු දඟලන දැඟැලිල්ල.ඔන්න කස්ටිය ඔක්කොම ලෝඩ් කරත් එක ශීට් එකක පොඩි අවුලක් ඇවිත්. ඒකෙ හිටියෙ ලස්සන කෙල්ලෙකුයි තව පොඩි නංගි කෙනෙකුයි.කොහොම හරි එයාලගෙ ශීට් එකේ බර අඩු නිසා ඔන්චිල්ලාව බැලන්ස් කරන්න බැරිලු.පෝලිමේ ඉඳපු කස්ටිය සේරොම දැන් පටවලත් ඉවරයි.

ඔය අස්සෙ ඔන්චිල්ලාව පද්දන අයියල කෑ ගහනවා ඔය කවුරු හරි ඕකට නග්ගලා එවන්න කියලා.අප්පේ එතන හිටපු කොල්ලොනං පැනලා ලෑස්තියි ඒ ශීට් එකට යන්න.පව් අර ගෑනු ලමයා අසරන වෙලා වගේ වටපිට බලනවා.මයෙ හිතේ ගෙදරින් අපු කට්ටියත් කොහෙට හරි ගිහිල්ලද කොහේ.ඉතින් දැන් ඔන්චිල්ලා සෙට් එකේම කලු හැඩි දැඩි අයිය කෙනක් ගිහින් හිස් වෙලා තිබ්බ ශීට් එකේ වාඩි උනා.මෑන්ස් වාඩි උනා විතරයි කෙල්ලගෙ ඇස් අඬන්න වගේ රතුවුනා.ඒ විතරක් නං මැදැයි දාඩියත් දානවා දැන්. අපේ කලු අයියට ඕක පට ගාලා ලයින් උනා මිනිහ දැන ගත්තා කෙල්ල බය වුන බව මිනිහා ස්තානෝචිත මොකක්ද එක දාලා "ම්ං මේකට බර වැඩියි වගේ බං අර පොඩි මල්ලිට කතා කරපං" කියලා කියපි.ඔය සෙට් එකේ පොඩි මල්ලි කියලා කියන්නේ ඉතින් වෙන කවුරුත් නෙවෙයි මං කොල්ල තමයි.දැන් කලු අයියා මට කතා කරනවා.මටත් මොකෑ ඉතින් කෙල්ලෙක් එක්ක කතුරු ඔන්චිල්ලාවෙ ගියයි කියලා මගෙ අහවල් එක කොට වෙනවැයි.මාත් පොඩ්ඩක් අදි මදි කරලා නැග්ගා ඔන්චිල්ලාවට.ඔන්න කෝම හරි ඔන්චිල්ලාව ස්ටාට් කොරා.කෙල්ලගෙ මූනෙ දැන් නම් අර වගේ බය වෙච්චි ගතියක් නෑ මොකද මට මිනිස්සු බය වෙන පෙනුමක් තිබුනෙ නෑ නෙ.

ඔන්න දැන් කෙල්ල බිම බලා ගෙන ඔන්චිල්ලාව හයියෙන් බදාගෙන.තාම ස්ටාට් එක විතරයි.කෙල්ල දුරට දැක්කට වඩා ලඟට ලස්සනයි කියල මට හිතුනා.හරිම නිවිච්ච ශානත පෙනුමක් එයාට තිබුනා.ඇස් දෙක පුන්චි හා පැටියෙක්ගෙ වගෙයි.පුදුමෙ කියන්නෙ ඒ රූපෙට මගේ හිත ඇදිල යන්න විනාඩියක් වත් ගියේ නෑ.

කතුරු ඔන්චිල්ලාවෙ ගිහිපු කස්ටිය දන්නව ඇතිනෙ මුල්ම පාර පහලට යද්දි එන ෆීලින් එක.ඕනම කෙල්ලෙක්ට කෑ ගැස්සෙනවා ඒකට.ඉතින් එයාත් ඔන්චිල්ලාගෙ බාර් එක අල්ලන් හිටියෙ ඔන්චිල්ලාව ඉහලට යනක්ං විතරයි.පහලට එනවාත් එක්කම කෑ ගහගෙන එයාගෙයි මගෙ ඉස්සරහ තිබුන බාර් එකෙන් තද කරලා අල්ල ගත්තා.එයාගෙ නංගි නං මාව බදාගෙන.ඔන්චිල්ලාව අයේ ඉහලට යනකොට තමයි මට මීටර් වුනේ කෙල්ල අල්ලං ඉන්නෙ බාර් එකෙන් නෙවෙයි ඒ බාර් එක අල්ලං හිටපු මගේ අත් දෙකන් කියලා.මං අත් දිහා බලලා එයගේ මූන දිහා බැලුවම තමයි කෙල්ලට වැඩේ තේරුනේ.

(ඉතිරිය සදුදා)

2 comments:

  1. හප්පට සිරි..මාතරට කාලෙකින් කතුරු ඔන්චිල්ලාවක් තියෙන කානිවල් එකක් ආවේ නෑ...අම්මපා ආවම මමත් නිකං ඉන්නේ නෑ බොල

    ReplyDelete
    Replies
    1. ඒකනේ ට්‍රයි කොරලම බලන්නකෝ..

      Delete