Saturday, June 16, 2012

සුන්දර ඇස් වලට පෙම් කලෙමි IV(අවසාන කොටස)



කතාවෙ කලින් කොටස් මෙතනින් බලන්න.
මම මොහාන් මහත්තයගෙ පොතත් අරගෙන අවිල්ලා මම ඉඳපු මේසෙන් වාඩි වුනා.සුමාලි අක්කත් යන්න ගිහින්.තරුශි මගේ ආරාධනාව පිලිගනීවිද?
පොත අතට ගත්තට හිතේ ප්‍රශ්න ගොඩයි.කොහොම හරි විනාඩි 5කට විතර පස්සෙ කවුරු හරි මගේ ඉස්සරහින් අවිල්ල වාඩිවෙනව මට ඇහුන නිසා මම පොතෙන් මූන පොඩ්ඩක් මෑත් කරල බැලුවා.හුටා බැලින්නම් කව්ද සීයා කෙනෙක්.මැදැයි මම කෙල්ල වාඩි වෙනකං හිටියා.
කෝකටත් කියලා මම සැටලයිට් එක පොඩ්ඩක් එහාට මෙහාට දාල බැලුවා එයා පේන්නවත් නෑ.මෙයා ගෙදර වත් ගියාද?
කමක්  නෑ ආයේ දවසක ඒවිනේ.අනික මුල්ම දවසෙ මොන කෙල්ලද කිව්ව පලියට කොල්ලෙක් ගාවට යන්නෙ.එහෙම හිතල මම ආයෙමත් වැඩට බැස්සා.දැන් මම බරටම ගානක් හදනවා.දෙතුන් දෙනෙක් අවිල්ල මං ඉඳපු මේසේ වාඩිවෙලා නැගිටල ගියත් මට ඒ ගැන බලන්න වුනේ නෑ.මම හිටියෙ ලොකු ගානකට යටවෙලා.
කොහොම හරි ගාන හදල ඉවරවෙලා ඔලුව ඉස්සුවහම මගේ ඉස්සරහ හිටියෙ කව්ද අක්ක කෙනෙක් එයා ගෙදර ගිහිල්ලම තමයි.මම ආයෙත් තව ගානක් බලනවත් එක්කම "අයියේ!" කියල මගේ දකුනු පැත්තෙන් කව්දෝ මට කතා කලා.ඒ හඬ හඳුන ගන්න මට තත්පරයක් වත් ගියේ නෑ.මම ඒ පැත්තට හැරුනා."ඔයා ලොකු වැඩක හිටපු නිසා මම කතා කරේ නෑ.මට මෙන්න මේ කොටස තේරෙන්නෙ නෑ පොඩ්ඩක් කියල දෙනවද?"
එයා කියාගෙන ගියා.යකෝ මේ කෙල්ල කොයි වෙලේද මෙතන්ට ආවෙ.මම ඉස්සරහ බැලුවට පැත්තෙ හිටියෙ කව්ද කියල බැලුවෙ නෑනෙ.
"තරු ගොඩක් වෙලාද ඇවිල්ලා"
"ඔව්.ඔයා ලොකු වැඩක් හිටපු නිසා මම කතා කරේ නෑ"
"අයියෝ ලමයො කතා කරන්න එපැයි.මම හිතුවෙ ඔයා ගෙදර යන්න ඇති කියලා"මම කිව්වම එයා හිනා වුනා.ඒ හිනාව කොච්චර ලස්සනද?
මම එයාට ඒ කොටස කියල දුන්නා.ඊට පස්සෙ හැමදාම වගේ අපි පුස්තකාලෙදි හම්බ උනා.එයා මටත් එක්ක බත් එකකුත් ගේනවා.දවල්ට දෙන්නත් එක්ක ඒක කනවා.ඔහොම කාලය ගෙවිලා ගියා.
මට එයාට ආදරෙයි කියන්න බය හිතුනා.මොකද එයා මට සලකන්නෙ එයාගෙම සහෝදරයෙකුට වගේනේ.කොහොම හරි ඒ බය නැතිවුනේ මෙන්න මෙහෙමයි.
රෑ නිදිමරල වැඩිවෙලා මම ලෙඩවුනා.කොහොම හරි දවස් දෙකක් විතර ඇදෙන් නැගිටින්න බැරි උනා.තුන්වෙනි දවසෙදි ටිකක් හොද උනත් මම ගොඩක් අමාරුවෙන් හිටියෙ.එදා උදේ 11ට විතර 
අම්ම කාමරේට අවිල්ල "අන්න ගුරා බලන්න ගෝලයා අවිල්ල" කිව්ව.මම බැලුව කව්ද බොල මගේ ගෝලය කියලා."කව්ද අම්මේ ?"කියලා මම ඇදෙන් බහින්න හදනකොටම කාමරේ දොර රෙද්ද මෑත් කරං ඒ මගේ සුරංගනාවිගෙ රූපෙ මතුවුනා.
මට හිතා ගන්නවත් බෑ.එයාගෙ ඇස් මගේ ඇස්වල නතර වුනා.එයා වචනෙන් කියන්න බැරිතරම් මට ආදරෙයි කියලා ඒ ඇස් වල ලියවිලා තිබුනා.
"එහෙනම් ඔන්න ගෝලයා ගුරාට කතා කරන්නකෝ.අපි යමු නිමලා කුස්සියට"කියලා අම්මා තව කාටද කතා කරගෙනි ගියා.
"පොඩ්ඩක් ඉන්න අනේ මාත් දරුවව බලලම එන්නම් කෝ"කියල එයත් මගේ කාමරේට ආවා.
"පුතේ දැන් කොහොමද ?"කියලා ඒ ආන්ටි මගේ ලඟට ඇවිත් මගේ ඔලුව අතගාන ගමන් ඇහුවා.
"දැන් ටිකක් හොදයි ආන්ටි"මම කිව්වා.
"දැන් කොල්ල සෑහෙන උස ගිහිල්ලනේ"ඒ ආන්ටි අපේ අම්ම දිහා බලන් කිව්ව.
"ඔය ඉන්නෙ පුතා පොඩිකාලෙ හුරතල් කරපු නැන්ද කෙනෙක් තමයි"අම්ම කිව්වා.
මටනම් මේ මෙලෝක දෙයක් තේරෙන්නෙ නෑ.කොහොම හරි ඒ දෙන්න කුස්සියට ගියා.
තරු මගේ ලඟින් වාඩි වුනා.එයා අඬන්න වගේ.ඇස් වලින් කදුලු බේරෙනවා.මම ඒ කදුලු පිහිදුවා.එතකොටම කෙල්ල මගේ අත තදින් අල්ලගෙන මූනට තියලා තද කර ගත්තා.දැන් නම් වැඩේ ගොඩම තමයි.මගේ ආදරේ කියන්න හොදම වෙලාව තමයි මේ.
මම අනිත් අතින් එයාගේ ඔලුව අතගාන ගමන් "දැන් මගේ මුලු ජීවිතේම ඔයා.මම ආදරෙයි පැටියෝ" කියල කිව්ව.ඒක කිව්ව විතරයි කෙල්ල මගේ අත තවත් හයියෙන් අල්ල ගත්තා.ටික වෙලාවකින්
"ඕක අහගන්න මම කොච්චර පෙරුම් පිරුවද අයියේ"කියල කීවම මගේ හිත කීරි ගැහිලා ගියා.ඒ කියන්න මම ආදරේ කරා වගේ ම එයත් මට ආදරේ කරල තියනවා.මම නං ගිය ආත්මෙ හොඳ පිනක් කරල ඇති කියලා මට හිතුනා.
ඔන්න ඔහොමයි මගේ මුල්ම ආදර කතාව පටන් ගත්තෙ.
කියන්න බැරි වුනානෙ තරුලගෙ අම්මයි අපේ අම්මයි ඉස්කෝලෙ කාලෙ ගජ යාලුවො.එදා මම නැති දවස් දෙකේ තරු ලෝකෙ පීරගෙන මාව හොයලා.අන්තිමට සුමාලි අකගෙ මාර්ගෙන් තමයි අපේ ගෙදර නම්බර් එක හොයාගෙන කෝල් කරල තියෙන්නෙ.එපා සුමාලි අක්ක මම ගැන කියනකොට තමයි තරුලගෙ අම්මට මාව මීටර් වෙලා තියෙන්නෙ.ඔන්න ඔහොමයි කෙල්ල කොල්ලව බලන්න ආවෙ.ඇත්තටම ඒක හීනයක් වගේ.මගේ ආදරේ මම මුලු හිතින්ම ආදරේ කල ඇය අන්තිමේදි මට හම්බ උනා.
------------------------------------------------------------------------------------------------------------කතාව නම් ඉවරයි.තවත් කතාවකින් අපි හම්බ වෙමු.මේ කතාව බලල දිගටම මට සහයෝගය දක්වපු රොබින් අයියාට මම විශේෂ ස්තුතිය පුදකරනවා.ඒ වගේම කතාව රස විඳපු ඔයාලත් ස්තුතියි.

Wednesday, June 13, 2012

සුන්දර ඇස් වලට පෙම් කලෙමි III



කෙල්ල කට පුරා හිනවකුත් දාගෙන අපි දෙන්න ඉඳපු මේසේ ලඟට අවා. ඒත් එක්කම මෙච්චර වෙලා මට ඇනේ වෙලා හිටපු සුමාලි අක්කත් එයා දිහා බලලා "අනේ තරු!! ඔයත් library එකට ආවද" කියල එයත් එක්ක කතා කරා.'තරු' එතකොට එයාගෙ නම තරූද? එතකොට මෙයා සුමාලි අක්කගෙ යාලුවෙක්.මෙච්චර වෙලා මාව කන්න අපු යක්සනියක් වගේ පෙනුන සුමාලි අක්කව දැන් මට පේන්නෙ සුර දූතිකාවක් වගේ.
'දුමීශ් ' සුමලි අක්කා කතාකරනවා මට එතකොට තමයි මම පියවි ලෝකෙට ආවෙ."දුමීෂ් මේ තරුශි.මගේ හොඳම යලුවගේ නංගි.මේ පාර o/l කරන්නෙ."සුමාලි අක්ක මට එයාව අදුන්වල දුන්නා.මං එයාගෙ ඇස් දෙක දිහා අමුතු විදියට බැලුවා.බලලා "මමනං මෙයා කලින් අඳුරනවා හැබැයි නම දන්නෙ දැන්" කියල පොඩි පොර ටෝකක් දැම්මා.
කෙල්ලො දෙන්නම එකපාරටම මගේ දිහා බැලුවා."මම ගිහින් pass papers පොතක් අරන් එන්නම් "කියලා හීමීට ශේප් වුනේ සුමාලි අක්කගෙ ප්‍රශ්න වැලට උත්තර දෙන්න වෙන නිසා.හැබැයි එතනින් නැගිටල යන ගමන් "ඔයා මගෙන් අහන්න ඉන්න ප්‍රශ්න ටික මෙයාගෙන් අහන්න"කියලා පොඩි නෝන්ඩි පාරකුත් දාගෙන මම පොතක් තෝරගන්න ගියා.
පොත් රාක්කෙ පීර පීර මම දැන් මොහාන් මහත්තයගේ physics පොතක් හොයනවා.මම දැන් කබඩ් එකේ පහලම තට්ටුවෙ තියන පොත් ගොඩක් එක්ක දැවැන්ත fight එකක්.එකපාරටම කව්ද පිටට තට්ටු කරනව දැනිලා මම හැරිලා බැලුවා.කලුපාට ජීන්ස් එකයි තැඹිලි පාට බ්ලව්ස් එකයි ඒ එයා තමයි.මම නැගිට්ටා නෙවෙයි නැගිටුනා.'අයියේ මට අර පොත් රාක්කෙ උඩම තියන science පොත අරන් දෙන්න පුලුවන්ද?'එයා අහිංසක විදියට ඇහුවා.ඕකට තමයි කියන්නෙ දෙන දෙයියො ගෙදරටම ගෙනත් දෙනවා කියලා.මාත් නිකං ඉබ්බා දියේ දැම්ම වගේ  එතනට ගිහිල්ල පොත අරන් දුන්නා.දැන් නම් නියම චාන්ස් එක මෙයත් එක කතා කරන්න.
"නංගි science වලට ක්ලාස් යන්නෙ කා ලඟද?"මම පටන් ගත්තා.එයා මගෙ දිහා බලලා
"ක්ලාස් එකකට නම් ගියේ නෑ අයියේ පොඩි අක්ක කියල දුන්න".
"පොඩි අක්ක a/l වලට science ද කරේ?"
"ඔව් අයි‍‍යෙ.එයා මේපාර කැම්පස් ගියා."
"එතකොට දැන් science කියා දෙන්නෙ කව්ද?"මාත් දැන් පොටකට එන්ටර් වෙන්න හදන්නෙ.
"ඒකනෙ අයියේ .පොඩි අක්කට දැන් ගෙදර එන්නවත් වෙලාවක් නෑ.මට අලුත් ක්ලාස් එකකට යන්න කියලා ගෙදරින් කියනවා.ඒත් දැන් අලුත් ක්ලාස් එකකට හුරුවෙන්න කල් මදිනේ.ඒක නිසා මම library එකට ඇවිත් පොත් වලින් බලා ගන්නවා. "කෙල්ල කියාගෙන යනවා.දැන් නිකන් දෙයියො මෙයාට ලංවෙන්න පොටක් පාදල දුන්නා කියලා මට නිකන් හිතුනා.
"ඒක හොදයි නංගි.ඔයා කැමතිනම් විතරක් ඔයාට පුලුවන් මාත් එක්ක පාඩම් කරන්න.මාත් දිගටම library එකට එන්න හිතාගෙන ඉන්නෙ.ඔයාට අමාරු තැනක් තියනවනම් මගෙන් අහගන්න පුලුවන්"
කෝකටත් වදීවිද නොවදීවද කියලා මම හීයක් විද්දා.හැබැයි බඩු වැඩකරා.
"අනේ ලොකු උදව්වක් අයියේ.සුමාලි අක්ක මට අයියා ගැන කියලා තියනවා.අයියා මීටරේලු නේ"
"මොන මීටර්ද නංගි අපේ.මම අර පැත්තට යනවා පොතක් ගන්න.ඔයාත් කැමතිනම් මගේ ටේබල් එකට එන්න"කියලා පොඩි ආරාධනාවක් කරන ගමන් මම ආයෙමත් පොත හොයන්න ආවා.අඩේ අදනම් උදේට දැකලා තියෙන්නෙ සක්කරයද කොහෙද?හීනෙන් වත් හිතපු දෙයක්යැ වුනේ.
මගේ සිහින කුමරිය දැන් මගෙන් ටියුෂන් ගන්නවා.හෆ්ෆා මේ ගේමනම් කොහොමහරි දිනලම තමයි පස්ස බලනෙ කියලා ඒවෙලේ මම හිතා ගත්තා.
------------------------------------------------------------------------------------------------------------
කස්ටියම කටාව බලලා පොඩි කමෙන්ට් එකක් තියල යනවනම් ඒක කතාවෙ ඉදිරි කොටස් ලියන්න ලොකු හයියක් වේවි.මේකෙ තියෙන අඩුපාඩු එහෙමත් පෙන්නනවනම් ගොඩාක් හොදයි.
------------------------------------------------------------------------------------------------------------

ඉතිරිය ඉදිරියට....

Saturday, June 9, 2012

සුන්දර ඇස් වලට පෙම් කලෙමි. II

කලින් කොටස මෙතනින් බලන්නකෝ.


කෙල්ල අත මගේ අත උඩින් එහට අරන් මගේ දිහා අහිංසක බැල්මක් දැම්මා.එයා වචනෙන් නොකියපු ගොඩක් දේවල් ඒ බැල්මෙ තිබුනා.මාත් මගේ දත් ටික පෙන්නලා අහිංසක හිනාවක් දැම්මා.ඔන්න ඔහොමයි එය මට මුලින්ම හමු උනේ.ඒ සිද්දිය ඒ වෙලේ එච්චර මගේ හිතට දැනුනේ නෑ.ඔන්චිල්ලාවෙන් බැහැපු මම එයාටයි පුංචි නංගිටයි බහින්න උදව් කරා.අන්තිමට එයා "අයියෙ අපි යනවා "කියල ගියා.මාත් ටිකක් වෙලා ඉඳලා කස්ටිය හොයාගෙන ගෙදර ආවා.
-----------------------------------------------------------------------------------------------------------
කාලේ ගෙවිලා ගියා.පොසොන් එකත් ඉවර උනා උත්සව දන්සැල් එහෙමත් ඉවර උනා ඒ වගේම අනිත් පැත්තෙන් අපිට විබාගෙත් ලංවුනා.ඔය මොනවා උනත් එදා කතුරු ඔන්චිල්ලාවෙදි මගේ අතින් අල්ලපු ඒ අහින්සකාවිය මගේ හිතත් අරං ගිහින් තිබුනා.

ගෙදර තනියම ඉඳං පොතක් අතින්වත් අල්ලන්න හිතෙන්නෙ නැති නිසා මම සදුදා උදේ පාන්දරම පුස්තකාලෙට ගියා.එතනට ගියාම හිත පොඩ්ඩක් හරි එක තැන තියාගෙන පාඩම් කරන්න පුලුවනන් .උදේ ඉඳල
11 විතර වෙනකම් මම එක එක දිගට chemistry පාඩමක් ඉවර කරා.ඊට පස්සෙ bio අහින්න ගත්තා.ටික වෙලාවකට පස්සෙ මන් ඉඳපු මේසේ මගේ ඉස්සරහ කවුරු හරි ඇවිල්ල වාඩි වෙනව මට දැනුනා.ඒ එක්කම ටිකක් හුරුපුරුදු සුවඳකුත් ආපු නිසා මම නිකමට වගේ ඔලුව උස්සල බැලුවා.

බැලින්නං අපේ සුමාලි අක්කා.එයා ගැසට් එක බලන්න ඇවිත්.ඔන්න මාව දැක්කා විතරයි පටන් ගත්තා එයගේ lecture එක.ඒක අහල අහලම මට එපා වෙලා තිබුනේ.අක්කගෙ දේශනාව දැන් සැරටම යනවා. එයා මගේ කල්කිරියාව ගැන ටිකක් විතර දන්න නිසා තමයි ඔය දේශනාව.මටත් ඉතින් දැන් මලේ මල.මුකුත් කියන්නත් බෑනෙ.කොහොම මං පොඩි ජිල්මාට් එකක් දාලා එයාගෙන් ගැලවෙනවත් එක්කම මං ජිවිතේට නොහිතපු දෙයක් සිද්ද උනා.මගේ හිත හොරා ගත්ත ඒ රූපෙ පුස්තකාලෙ දොරෙන් මතු උනා.මට එක පාරටම උන් හිටි තැන් අමතක උනා.හොදම වැඩේ කියන්නෙ එයා කෙලින්ම ආවෙ මං ඉන්න පැත්තට.මේක හිනයක් වත්ද?
එක්කො මට මොලේ අමාරුවක්ද? මං මටම කව කටුවෙන් ඇනගත්තා.නෑ බොලේ මේක හිනෙකුත් නෙවෙයි මට පිස්සුත් නෑ.කෙල්ල නිකං හොඳට අඳුනන කෙනෙක් ලගට එනවා වගේ අපි දෙන්න ඉන පැත්තට දැන් එනවා ලස්සන හිනාවකුත් දාගෙන.
මෙන්න බොලේ කෙල්ල කෙලින්ම ඇවිල්ල නතර උනේ අපි දෙන්නගෙ මේසෙ ලඟ.........

ඉතිරිය ඉදිරියට....

Friday, June 1, 2012

සුන්දර ඇස් වලට පෙම් කලෙමි

ඒ පොසොන් මාසයයි.අපේ ගමට සැනකෙලි එන මාසයයි.ඒ කාලෙට අපේ කොල්ලො සෙට් එකටම වෙන වැඩක් නම් නැති තරම්ය.කස්ටියම ගමේ පිට්ටනියට වී කාලෙ කා දමති.
සැනකෙලි ගමට ආවම ඉතින් ඒකත් එක්ක සර්කස් එකක් මාරක ලිදේ බයිසිකල් එතකොට කතුරු ඔන්චිල්ලාව කියන දේවල් අනිවාර්යයෙන්ම තිබෙයි.කොහොමත් අපේ ගමට සැනකෙලිය එන්නෙ අවුරුද්දකට එක වතාවක් නිසා ඒක ජයටම කරයි.කොහොමත් සතියක් හමාරක් සැනකෙලි පවත්වයි.මුල් සතියේ සෙනඟ විශාල වශයෙන් ආවත් පෝයට පසුව  ජනකාය අඩුවෙයි.




මේ සිදුවීම සිද්ද වුනේ හරියටම 2009 අවුරුද්දේය.එතකොට අපි A/l කරන පොඩි කොලු ගැටව්ය.විබාගෙ මහ ලොකුවට bio science වලින් කරාට අපේ සෙට් එකේම හිටියේ තනි අපතයන් ටිකකි.කොහොමත් සැනකෙලිය ගමට ආපු දවසෙ ඉදලම වෙන වැඩක් නැති එවුන් වගේ අපිත් පිට්ටනියට ගිහිල්ල සැනකෙලිය කරන එවුන් එක්ක සැට් වෙනවා.ඊට පස්සෙ සැනකෙලිය පටන් ගත්තම කොයි ඉවෙන්ට් එකටත් අපට free වීසා තමයි.
ඔන්න දැන් තමයි අටුවාටිකා සේරොම ඉවර කරලා කතාවට බහින්නෙ.මේක සිද්ද වුනේ සැනකෙලියෙ 4වෙනි දවසෙදි.කවුරුත් දන්නවනෙ සැනකෙලිය තියන්න රෑට කියලා.ඉතින් එදාත් වෙනද වගේම හවස 6 වෙනකොට අපි කස්ටියම පිටනියට සැට් වුනා.ඒ වෙනකොට අපිට සැනකෙලියෙ අමුතුවෙන් බලන්න කියල දෙයක් තිබුනෙ නෑ.ඒත් ගෙදර ඉන්න බැරි කමට මාත් ගියා.කොහොමත් රෑ 8 විතර වෙනකං කස්ටිය පිට්ටනිය වටේ වල ගගහ හිටියා.ඔය අතරෙ සුරායි අමිතයයි ලයින් කරපු නම්බර් එකක් වැඩ කරලා ඒ පැත්තට හීමීට කැපුනා.උන් දෙන්නට යන්න කියලා අපි 3දෙනා කතුරු ඔන්චිල්ලාව පැත්තට ගියා.ඔය අස්සෙ මාත් එක්ක හිටපු කස්සයි කලුවයි "මචන් අපි පොඩ්ඩක් අර පැත්ත්ට ගිහින් එන්නම් කියලා මාරු උනා." මන් දනව උන් දෙන්න යන්නෙ බටයක් අදින්න තමයි කියලා.මන් ඕකුන්ට බනින නිසා උන් මට කොලේ වහල ගියා.දැන් මන් තනියම කතුරු ඔන්චිල්ලාව ලඟ.
එතනත් මාර පෝලිමක් තමයි ඉන්නෙ.ඔන්න දැන් සෙට් එකක් ෆ්ලයිට් එකන් බහින්න වගේ බහිනවා.තව කස්ටියක් නගිනවා.ඔය අතරෙ ගොඩක් ඉන්නෙ කපල්ස් තමයි.
තනිකඩ අපට මොන කෙල්ලොද..මාත් කතුරු ඔන්චිල්ලාවට සෙනඟ නග්ගන තැන එවුන්ට පොඩි සපෝට් එකක් දුන්නා.
ඔන්න දැන් කස්ටිය පෝලිමේ නගිනවා ඔන්චිල්ලාවට.මන් තමයි ටිකට් චෙක් කරන්නෙ.ඒකාලෙ මං කෙල්ලො සම්බන්දව ටිකක් අමුතු ඩයල් එකක්.මට කෙල්ලො ටිකක් විතර ඇලජික් එකක් තිබුනා.කෙල්ලොන්ට පැනිය දාන එක පැනි ටෝක් දෙන එක මට නයාට අදුකොල වලටත් එහා.හැබැයි ඕනම කෙල්ලෙක් එක්ක මනුස්ස කමට හිනාවෙන එකනම් මං කරා.ඒක හින්දා තමයි අපේ ඉස්කෝලෙ කෙල්ලො දැන් හම්බ උනත් කියන්නේ "උඹ විතරයි බන් කොච්චර වාචලකම් කියෙව්වත් වල් විදියට අපි දිහා බැලුවෙ නැත්තෙ."
කොහොම හරි මං දැන් ටිකට් ටික චෙක් කර කර ඔක්කොම ලෝඩ් කරා.හෆ්ෆා කතුරු ඔන්චිල්ලාවෙ ගිහිපු කස්ටියනම් දැන්නවා ඇති ඒක බැලන්ස් කරන්න ඒ මිනිස්සු දඟලන දැඟැලිල්ල.ඔන්න කස්ටිය ඔක්කොම ලෝඩ් කරත් එක ශීට් එකක පොඩි අවුලක් ඇවිත්. ඒකෙ හිටියෙ ලස්සන කෙල්ලෙකුයි තව පොඩි නංගි කෙනෙකුයි.කොහොම හරි එයාලගෙ ශීට් එකේ බර අඩු නිසා ඔන්චිල්ලාව බැලන්ස් කරන්න බැරිලු.පෝලිමේ ඉඳපු කස්ටිය සේරොම දැන් පටවලත් ඉවරයි.

ඔය අස්සෙ ඔන්චිල්ලාව පද්දන අයියල කෑ ගහනවා ඔය කවුරු හරි ඕකට නග්ගලා එවන්න කියලා.අප්පේ එතන හිටපු කොල්ලොනං පැනලා ලෑස්තියි ඒ ශීට් එකට යන්න.පව් අර ගෑනු ලමයා අසරන වෙලා වගේ වටපිට බලනවා.මයෙ හිතේ ගෙදරින් අපු කට්ටියත් කොහෙට හරි ගිහිල්ලද කොහේ.ඉතින් දැන් ඔන්චිල්ලා සෙට් එකේම කලු හැඩි දැඩි අයිය කෙනක් ගිහින් හිස් වෙලා තිබ්බ ශීට් එකේ වාඩි උනා.මෑන්ස් වාඩි උනා විතරයි කෙල්ලගෙ ඇස් අඬන්න වගේ රතුවුනා.ඒ විතරක් නං මැදැයි දාඩියත් දානවා දැන්. අපේ කලු අයියට ඕක පට ගාලා ලයින් උනා මිනිහ දැන ගත්තා කෙල්ල බය වුන බව මිනිහා ස්තානෝචිත මොකක්ද එක දාලා "ම්ං මේකට බර වැඩියි වගේ බං අර පොඩි මල්ලිට කතා කරපං" කියලා කියපි.ඔය සෙට් එකේ පොඩි මල්ලි කියලා කියන්නේ ඉතින් වෙන කවුරුත් නෙවෙයි මං කොල්ල තමයි.දැන් කලු අයියා මට කතා කරනවා.මටත් මොකෑ ඉතින් කෙල්ලෙක් එක්ක කතුරු ඔන්චිල්ලාවෙ ගියයි කියලා මගෙ අහවල් එක කොට වෙනවැයි.මාත් පොඩ්ඩක් අදි මදි කරලා නැග්ගා ඔන්චිල්ලාවට.ඔන්න කෝම හරි ඔන්චිල්ලාව ස්ටාට් කොරා.කෙල්ලගෙ මූනෙ දැන් නම් අර වගේ බය වෙච්චි ගතියක් නෑ මොකද මට මිනිස්සු බය වෙන පෙනුමක් තිබුනෙ නෑ නෙ.

ඔන්න දැන් කෙල්ල බිම බලා ගෙන ඔන්චිල්ලාව හයියෙන් බදාගෙන.තාම ස්ටාට් එක විතරයි.කෙල්ල දුරට දැක්කට වඩා ලඟට ලස්සනයි කියල මට හිතුනා.හරිම නිවිච්ච ශානත පෙනුමක් එයාට තිබුනා.ඇස් දෙක පුන්චි හා පැටියෙක්ගෙ වගෙයි.පුදුමෙ කියන්නෙ ඒ රූපෙට මගේ හිත ඇදිල යන්න විනාඩියක් වත් ගියේ නෑ.

කතුරු ඔන්චිල්ලාවෙ ගිහිපු කස්ටිය දන්නව ඇතිනෙ මුල්ම පාර පහලට යද්දි එන ෆීලින් එක.ඕනම කෙල්ලෙක්ට කෑ ගැස්සෙනවා ඒකට.ඉතින් එයාත් ඔන්චිල්ලාගෙ බාර් එක අල්ලන් හිටියෙ ඔන්චිල්ලාව ඉහලට යනක්ං විතරයි.පහලට එනවාත් එක්කම කෑ ගහගෙන එයාගෙයි මගෙ ඉස්සරහ තිබුන බාර් එකෙන් තද කරලා අල්ල ගත්තා.එයාගෙ නංගි නං මාව බදාගෙන.ඔන්චිල්ලාව අයේ ඉහලට යනකොට තමයි මට මීටර් වුනේ කෙල්ල අල්ලං ඉන්නෙ බාර් එකෙන් නෙවෙයි ඒ බාර් එක අල්ලං හිටපු මගේ අත් දෙකන් කියලා.මං අත් දිහා බලලා එයගේ මූන දිහා බැලුවම තමයි කෙල්ලට වැඩේ තේරුනේ.

(ඉතිරිය සදුදා)

Monday, May 21, 2012

බ්ලොග් දඩයමේ ආරම්භය

ඔන්න තවත් අලුත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුනා.හරියටම කිව්වොත් මේ මගේ 5වෙනි බ්ලොගිය.පටන්ගන්නවා, මාසයක් විතර මොරාල් එක තියනකම් කරනවා ඒට පස්සෙ නිකම්ම අතාරිනවා.මේක හරියන්නෙ නැති නිසා මම වෙනද වගේ නැතුව පොඩි නම් කෑල්ලකුත් දාගෙන ඔන්න අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා.අයේ බොරු මක්කටැයි මොක ලිව්වෙ නැතත් මං සඳරුවගෙ බ්ලොග් එකයි ලියන්න අයියගෙ බ්ලොග් එකයි නම් අනිවා බලනවා.අනිත් එව්වත් බලනව ඉතින්.


මේ පාරනම් විවිධ මතෘකා ඔස්සෙ ගොඩාක් දේවල් ලියන්න හිතාගෙන ඉන්නවා.ජීවත අත්දැකීම් ,ෆන් සිද්දි ඒ වගේ තව අපට වැදගත් දේවලුත් ලියන්න බලාපොරොත්තු වෙනවා.


කොහොමත් මේ බ්ලොග් එකනම් අනිත් ඒවා වගේ නොවෙයි කොහොම හරි දිගටම කරගෙන යනවා.ඒක මම මගේ target එක්කක් කරගෙන තියෙන්නෙ.එහෙනම් දැනට නවතිනව.ඔයාලත් මගේ බ්ලොග් එක බලලා කමෙන්ට් පාරක් දාන්න අමතක කරන්න එපා.බැනල හරි කමෙන්ට් එකක් දාලා යන්න එතකොට තමයි හිතට පොඩි ගැම්මක් එන්නෙ .එහෙනම් ආයුබෝවන්!!!



අප අතරින් හදිසියේම වියෝ වූ ඔබා මාමේ,මතු මතුත් ඔබ අප අතරම ඉපදේවා!!!!